ILPJ කොළඹ ජනමාධ්‍ය පාඨමාලාව ළඟදීම ආරම්භ වීමට නියමිත අතර මිට පෙර මාතර පැවැත්වූ පාඨමාලාව පිළිබඳ මතකය අලුත් වූයේ එහි පින්තූර රැසක් මිතුරෙකු සොයාදුන් නිසාය.
මෙම අවස්ථාවට ද ILPJ සමග සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර,ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, රවින්ද්‍ර ගුරුගේ, අමිත්ත වීරසිංහ, සුදේව හෙට්ටිආරච්චි, කුල ශ්‍රී කාරියවසම්, ධර්ම ශ්‍රී කාරියවසම්, ප්‍රසන්න සංජිව තෙන්නකෝන් ආදීන්ගෙන් බොහෝ පිරිසක් එක්ව සිටියා.
දුකක් හදවතට දැනෙනුයේ මෙහි ඡායාරුප ගත් මාතර ප්‍රවීණ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ පසන් රාමවික්‍රම මෙන්ම එම වැඩමුළුවට එක්වූ ILPJ සමග අඛණ්ඩව සිටි ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර අද අප අතර නොසිටිමය.
මාතර තවත් ප්‍රවීණ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ ILPJ හා මුලසිට ම එක්වූ ජයා වික්‍රම සුරේන්ද්‍රද මේ පිරිස අතර සිටිනවා විය යුතුය.
එදා ILPJ මාතරට එනවිට සහාය ලබාදුන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර සිහිපත් කරමු.
මෙවර 2018 සඳහා කොළඹ ළඟදීම ආරම්භ වන පාඨමාලාවට ද එක්කර ගන්නේ සීමිත පිරිසක් පමණකි.
මෙම ජනමාධ්‍ය පාඨමාලාව පැවැත්වෙන්නේ ද සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර, පරාක්‍රම නිරිඇල්ල, සමන් වගආරච්චි, ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, ප්‍රගීත් පෙරේරා, වින්දන ප්‍රසාද් කරුණාරත්න, කාංචන කුමාර ආරියදාස යනා දී මෙරට ජනමාධ්‍ය දැවැන්තයින්ගේ සහභාගීත්වයෙන්.
රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, වෙබ් අඩවි, සමාජ මාධ්‍ය(ෆේස් බුක් ඇතුළු), කෙටි පණිවුඩ(SMS) ආදී සියලු මාධ්‍ය ගැන මාස 6ක කාලයක්, මාධ්‍ය ආයතනවල ප්‍රයෝගික පුහුණුවීම් ද සහිතව සති අන්තයේ එක් දිනක(සෙනසුරාදා) පමණක් පැවැත්වෙන මෙම මුලික පාඨමාලාව සඳහා මාස් පතා ගෙවීමේ සහන ක්‍රමයක් ද සකසා තිබෙන්නේ ලාභයට වඩා අපගේ මතු මාධ්‍යවේදී පරපුරට ප්‍රවීණයන් සමීප කිරීමේ අරමුණින්.
මීට වසර ගණනාවකට පෙර ද මෙවැනි ප්‍රවීණයන්ගේ වැඩමුළු සහිත මුලික පාඨමාලා 2ක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළේ කොළඹ, මාතර, මහනුවර, කුරුණෑගල නගර කේන්ද්‍ර කරගෙනයි.
ඒ සඳහා ද සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර,ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, රවින්ද්‍ර ගුරුගේ, අමිත්ත වීරසිංහ, සුදේව හෙට්ටිආරච්චි, කුල ශ්‍රී කාරියවසම්, ධර්ම ශ්‍රී කාරියවසම්, ප්‍රසන්න සංජිව තෙන්නකෝන් ආදී ප්‍රවීණයන් විශාල සංඛ්‍යාවක් එක්කර ගැනීම විශේෂත්වයක්.
අද අප අතර නැතත් එහිදී, අප හා එක්ව සිටි මහින්ද අබේසුන්දර ප්‍රවීණ ජනමාධ්‍යවේදියා සිහිපත් කරන්නේ ඉහළ ගෞරවයකින්.
දැනට මාධ්‍ය හා සම්බන්ධ ප්‍රවීණයන් මේ සඳහා වීම හා මාධ්‍ය ආයතනවල පුහුණුව සිසුන්ට උදාවන සුවිශේෂී අවස්ථාවන්.
2018 ආරම්භ වන පාඨමාලාව ද පෙර සේ ම 6 මාසික වන අතර 2018 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ගැටළුවක් ඇති නොවන ලෙස ජූලි සිට විභාගය අවසන් වනතුරු නිවාඩු දී ඉතිරි කොටස ආරම්භ වනු ඇති.
කොළඹ- බොරැල්ලේ පැවැත්වෙන පාඨමාලාව සාර්ථක කර ගැනීමට සහභාගී කර ගන්නේ 50 දෙනෙකු පමණයි. ඔවුන් තෝරා ගන්නේ යොමුකරන අයදුම් පත්‍ර අනුව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි.
වයස් බේධයක් නොමැති අතර සියලු විස්තර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ ආයතනයෙන්(Institute of Lanka Professional Journalists(ILPJ)) හා මීඩියා හවුස් ඉන්ටර්නැෂනල්(Media House International LTD) වෙතින් දැනගත හැකියි.
අයදුම්පත්(දුරකථන අංකයක් ද සහිතව), අපගේ ඊ මේල් ලිපිනය වන ilpjsrilanka@gmail.com වෙත හෝ ෆේස් බුක් පිටුව වන Institute of Lanka Professional Journalists (ILPJ) වෙත හෝ අංක 359, ලෙස්ලි රණගල මාවත, කොළඹ 08 යන කාර්යාලයීය ලිපිනයට හෝ ඉක්මණින් ම යොමු කරන්න.
දුරකථන අංක 0112672013, 0773124550.
ilpjnews.weebly.com හා ilpjsrilanka.blogspot.com වෙත පිවිසීමෙන් ද තොරතුරු දැනගත හැකියි.
Comments
Post a Comment