ජනමාධ්‍යවේදියෙකු වෙන්න, ILPJ කියමන් 3ක්

 ILPJ- ප්‍රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව-2018-කොළඹ-ළඟදීම 


-ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර

"ජනමාධ්‍ය කියන්නේ රටේ ජනතාව සබුද්ධික පිරිසක්‌ බවට පත්කරන ක්‍රමවේදයක්‌. මාධ්‍යකරුවාට ලැබෙනවා විශාල වරමක්‌. ඒ තමයි ජනතාව ඇමතීමේ වරම. එම වරම උපයෝගී කරගෙන ඔහු කළ යුත්තේ මිනිසුන් මුග්ධයන් බවට පත්කිරීම හෝ සිහින ලෝකවල රඳවා තැබීම නොවේ, ඔවුන් නිවැරැදි මාර්ගයෙහි රැගෙන යාම. මිනිසා තර්කානුකූලව සිතන විචාරවත් බුද්ධිමත් ජීවියෙකු බවට පත්කිරීම. එහෙම නැත්නම් මිථ්‍යාව, ගුඪ දේවල්වලට යොමු කිරීම නොවේ. ආයතනික උගතුන් අතින් සිදුනොවුණු ශාස්‌ත්‍රීය මෙහෙවරක්‌ පියසේන නිශ්ශංක වැනි ඇසූ පිරූ තැන් ඇති උගතුන් අතින් සිදුවුණා. වර්තමාන පරම්පරාව ද ඒ ආදර්ශය ලබාගත්තොත් ඔවුනට ද ඔවුනගේ මාධ්‍ය ජීවිතය සරුසාර කරගත හැකියි."



-ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමතිලක පේරුකන්ද


"අපේ අරමුණ වෙන්නේ පරිපූර්ණ ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම. විශේෂයෙන් අද භාෂාව ගැන සැලකිල්ලක් නෑ. කලාව,සාහිත්‍ය, ඉතිහාසය ගැනත් එහෙමයි. ජනමාධ්‍යවේදියෙකු වෙන්න තාක්ෂණ හැකියාව පමණක් තිබිලා මදි."



ILPJ පෙර පාඨමාලා සඳහා එක්වූ අද අප අතර නැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර, මාතර වැඩමුළුවක දී කළ කතාවක කොටසක් ලක්බිම පුවත්පතේ එකල පළ වී තිබිණි. එය වාර්තා කළ පසන් රාමවික්‍රම ප්‍රාදේශීය මාධ්‍යවේදියා ද අද අප අතර නැත.

"රෝහණ විජේවිරයි,මමයි ඉගෙන ගත්තේ කොට්ටෙගොඩ එක ම පාසලේ. පංති දෙකක විතර පරතරයක් තිබුණේ. අපි දෙන්නා කොණ්ඩේ කැපුවේ එක ම බාබර් සාප්පුවෙන්. විජේවීරගේ බෙල්ල ගියා. මගේ කොණ්ඩේ ගියා. හැබැයි ඉතුරු වෙලා ඉන්නවා. මම අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යනවා. හැබැයි පෙට්ටි කඩවලට නෙමේ, සුපර් මාර්කට්වලටයි යන්නේ. මාධ්‍යවේදියෙකුට උණ නැතිව වැඩ කරන්න බැහැ."

මෙවර පාඨමාලාවට ද සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර, සමන් වගආරච්චි, ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, ප්‍රගීත් පෙරේරා, කාංචන කුමාර ආරියදාස, වින්දන ප්‍රසාද් කරුණාරත්න ආදී ප්‍රවීණයන් රැසක් 

පළමු 50 දෙනාට පමණයි. අද ම අයදුම් කරන්න

Institute of Lanka Professional Journalists'(ILPJ),
Media House International LTD
අංක 359, ලෙස්ලි රණගල මාවත, කොළඹ 08

දුරකථන අංක 0112672013, 0773124550
email : ilpjsrilanka@gmail.com
FB:  Institute of Lanka Professional Journalists (ILPJ)
web: ilpjsrilanka.blogspot.com

Comments