ILPJ ප්රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාවේ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, ප්‍රගීත් පෙරේරා සිහිපත් කරමින්.
ILPJ Sri Lanka Media Course- ප්රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව 218- කොළඹ- ළඟදීම
You can be a journalist(tv, radio, web, facebook, news papers). Join with veteran journalists. ILPJ Sri Lanka- Institute of lanka professional journalists' -ප්රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව, වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු වීම උදෙසා නාරද බක්මීවැව, නුවන් ලියනගේ, සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සමන් වගආරච්චි, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ආදීන් සමග එක්වන්න.
_________________________________________________________________________________
සීමිත පිරිසක් පමණක් සහභාගි කර ගන්නා මෙම ජනමාධ්‍ය පාඨමාලාව පැවැත්වෙන්නේ සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර, සමන් වගආරච්චි, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, ප්‍රගීත් පෙරේරා, වින්දන ප්‍රසාද් කරුණාරත්න, කාංචන කුමාර ආරියදාස යනා දී මෙරට ජනමාධ්‍ය දැවැන්තයින්ගේ සහභාගීත්වයෙන්.
රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, වෙබ් අඩවි, සමාජ මාධ්‍ය(ෆේස් බුක් ඇතුළු), කෙටි පණිවුඩ(SMS) ආදී සියලු මාධ්‍ය ගැන මාස 6ක කාලයක්, මාධ්‍ය ආයතනවල ප්‍රයෝගික පුහුණුවීම් ද සහිතව සති අන්තයේ එක් දිනක(සෙනසුරාදා) පමණක් පැවැත්වෙන මෙම මුලික පාඨමාලාව සඳහා මාස් පතා ගෙවීමේ සහන ක්‍රමයක් ද සකසා තිබෙන්නේ ලාභයට වඩා අපගේ මතු මාධ්‍යවේදී පරපුරට ප්‍රවීණයන් සමීප කිරීමේ අරමුණින්.
මීට වසර ගණනාවකට පෙර ද මෙවැනි ප්රවීණයන්ගේ වැඩමුළු සහිත මුලික පාඨමාලා 2ක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළේ කොළඹ, මාතර, මහනුවර, කුරුණෑගල නගර කේන්ද්‍ර කරගෙනයි.
ඒ සඳහා ද සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර,ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, රවින්ද්‍ර ගුරුගේ, අමිත්ත වීරසිංහ, සුදේව හෙට්ටිආරච්චි, කුල ශ්‍රී කාරියවසම්, ධර්ම ශ්‍රී කාරියවසම්, ප්‍රසන්න සංජිව තෙන්නකෝන් ආදී ප්‍රවීණයන් විශාල සංඛ්‍යාවක් එක්කර ගැනීම විශේෂත්වයක්.
එහිදී, අද අප අතර නැතත් අප හා එක්ව සිටි මහින්ද අබේසුන්දර ප්‍රවීණ ජනමාධ්‍යවේදියා සිහිපත් කරන්නේ ඉහළ ගෞරවයකින්.
දැනට මාධ්‍ය හා සම්බන්ධ ප්‍රවීණයන් මේ සඳහා වීම හා මාධ්‍ය ආයතනවල පුහුණුව සිසුන්ට උදාවන සුවිශේෂී අවස්ථාවන්.
2018 ආරම්භ වන පාඨමාලාව ද පෙර සේ ම 6 මාසික වන අතර 2018 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ගැටළුවක් ඇති නොවන ලෙස ජූලි සිට විභාගය අවසන් වනතුරු නිවාඩු දී ඉතිරි කොටස ආරම්භ වනු ඇති.
කොළඹ- බොරැල්ලේ පැවැත්වෙන පාඨමාලාව සාර්ථක කර ගැනීමට සහභාගී කර ගන්නේ 50 දෙනෙකු පමණයි. ඔවුන් තෝරා ගන්නේ යොමුකරන අයදුම් පත්‍ර අනුව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි.
වයස් බේධයක් නොමැති අතර සියලු විස්තර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ ආයතනයෙන්(Institute of Lanka Professional Journalists(ILPJ)) හා මීඩියා හවුස් ඉන්ටර්නැෂනල්(Media House International LTD) වෙතින් දැනගත හැකියි.
අයදුම්පත්(දුරකථන අංකයක් ද සහිතව), අපගේ ඊ මේල් ලිපිනය වන ilpjsrilanka@gmail.com වෙත හෝ ෆේස් බුක් පිටුව වන Institute of Lanka Professional Journalists (ILPJ) වෙත හෝ අංක 359, ලෙස්ලි රණගල මාවත, කොළඹ 08 යන කාර්යාලයීය ලිපිනයට හෝ ඉක්මණින් ම යොමු කරන්න.
දුරකථන අංක 0112672013, 0773124550.
යුගයක ඉතිහාසයක් නියෝජනය කළ ප්‍රවීණයන් සමග එක්වන්න.
Comments
Post a Comment