සමුගැනීමක් අභියස නැගුනු මතකයෙන් ජනමාධ්‍ය ඉගෙනීම

සමුගැනීමක් අභියස නැගුනු මතකයෙන් 
ජනමාධ්‍ය ඉගෙනීම





ජටිල වැල්ලබඩ නම් ජ්‍යෙෂ්ඨ පත්තරකාරයා අප අතරින් සමුඅරන් ගිහින්. ඒ ගැන බොහෝ අය කතා කර තිබුණා. ඒ අතර සුනේත්‍රා කුමාරි ඇතුගල්පුර නමැති ILPJ අපේ ද මිතුරිය සිය fece book ගිණුමේ තබා තිබූ සටහන තරමක් විශේෂ දෙයක් සේ පෙනුනේ ජනමාධ්‍යවේදියෙකු වෙන්න ඉන්න අයට ඒ තුළ ගන්න දෙයක් තිබෙන බව පෙනුන නිසා. පහත තියෙන්නේ ඒ සටහන. 

"ජටිල අයියා සමූඅරන්................  අද උදේ පාන්දර නැගිට්ට ගමන් දැකපු දුක්බර පුවත..... අදහගන්න වත් බැහැ ජටිල අයියේ,. ,,,, ලංකාවෙන් සමූඅරන් ආපු දා ඉඳලා සිදු වුණු හැම සිදුවීමක්ම පෙළ ගහලා කියන්න හිතාගෙන හිටපු අය අතරින් සුවිශේෂම කෙනා උනේ ඔබයි ජටිල අයියේ , ඒත් මේ තරම්ම ඉක්මනින්ම ඒ කිසිත් නොවසාම නිදියහනෙම ඔබ අපෙන් සමුගෙන.... ගමන ඉක්මන් වූවා වැඩි නැද්ද ? 

අයියේ,,,. මගේ පත්තර ජීවිතේ මට හමුවුනේ හොඳම කතෘවරයා ජටිල වැල්ලබඩයි.. නිදහසේ ලියන්න, යමක් ලියද්දි ඒවට අවශ්‍ය අඩුම කුඩුම කියලා දුන්න, කතුවරයකුට එහා ගිය සහෝදරත්වයකින් උපදෙස් දෙමින් දිරිගැන්වූයේ ඔහූයි. ඕනෑම ගැටලුවකට ජටිල අයියා ළඟට යන විට එයටඅවශ්‍ය විසඳුම් ඔහු කෙසේ හෝ ලබා දුන්නා. මතකයේ එකිනෙක පෙළගස්වන සිදුවීම කොපමණ තියෙනවද ඔහු ගැන,,, එදා මමයි අක්කයි විද්‍යාලංකාර පිරිවෙනට දහම්පාසල් යනකොට , ජටිල අයියා හැම ඉරිදාම දිවයින පත්තරේ රස්සාවට ගියා. කැලණිය අපි දෙන්නගෙම උපන් ගම වුණු නිසා, ජටිලඅයියාගේ පවුලේ උදවිය හැමෝම අපි හොඳින් දන්නා හඳුනන අය වුණා. 

පසුකාලෙක ලක්බිම කර්තෘ මණ්ඩලයට මම සම්බන්ධ වුණා උන වෙලාවේ ජටිල අයියා මගේ කර්තෘ වෙලා ඉන්නවා දැකීම මට මහත් සතුටක් වුණා.. එදා ජටිල අයියා හැමෝටම හිනාවෙවී කිව්වේ, මෙයාලා මේ ඉස්සර දහම් පාසල් ගිය පොඩි එවුන් කියලා.. කර්තෘවරයකුට එහා ගිය දන්නා හඳුනන මිනිසකු වීම නිසා ජටිල අයියා එක්ක වැඩ කරන එක මට මහත් පහසුවක් වුණා. ලක්බිමේ අපි හැමෝම එකා වගේ හිටියා. ජටිල අයියා අපි හැමෝටම හොඳ මඟ පෙන්වන්නෙක් විදියට එදා ලක්බිමෙවැඩ කළා.. ඒත් අවාසනාවකට ලක්බිම මහගෙදර ආදරණීය සහෘදයින් එකින් , එක්කෙනා අපෙන් සමුගත්තෙ ඉතාම කෙටි කාලයකයි.. ශ්‍රී ලාල් අයියා, ක්‍රිස්ටි අයියා, ප්‍රභාත් අයියා, රිද්ම් නංගි මේ අය අතරින් කීප දෙනෙක්, දැන් ජටිල් අයියා... මේ සමුගැනීම හිතට මහ බරක් ,. කමක් නෑ ජටිල අයියේ, අපි හැමෝම මේ සංසාරෙ කවදාහරි හැම බැදීමක්ම අත් ඇරලා යන්න ඕනේ ගමන තමයි මේක,,, මරණයේ වේදනාව මියගිය අයට නොවේ, ජීවත්වන අයටයි... සුබ ගමන් ජටිල අයියේ,,,, සුබ ගමන් ජටිල වැල්ලබොඩ දයාබර කතු තුමනි... "

සුනේත්‍රා ඇතුගල්පුර.

Comments